Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

කෑ ගැහැව්වට.

වෙරළෙ හැපි හැපි කෑ ගැහැව්වට - තමන් ගැඹුරුය හිතන් හිටියට වෙරළ කිට්ටුව ගල් මලක් මිස - මෘදු මොළොක් එක මලක් පිපුණද අපුල කරදිය වළල්ලෙහි මැද.

බැරි ඇයි?

මලු පුරෝගෙන ගඟ පැමිණි විට සයුරට තියෙනවා හැමදාම පැනයක් විසල් සුවිසල් තුරු කදන් මිස මන්ද කිසිදා නොගෙනාවෙ පැළයක්? ගඟ කියන එක අදෝනාවක සයුර ගැන තියනවා ඇත්තක් මෝය වැට ළග නවතිනව මිස එන්න බැරි ඇයි එහෙට සැරයක්?

ඇය.

ඉදින් කුමටද මධුවිත බිඳක් හෝ තොල නොගා හිටියට මතින් නම් මම මේ පිළිස්සෙන මොහොත උගුරට මදක් පහළින් තැනක නිසොල්මන් මේ බඳුනේ සඳක් සේ සිටින්නේ ඇය ඩී.ජේ හඬක් වී නොතේරෙන බසකින් ඒ ඇසෙන්නේ ඇගේ නිහඬ කටහඬ.

ප්‍රියාවිය සොරාගනු මැනවි මා සිත.

හිත වැරෙන් අල්ලාගෙන බොරළු මත නිදියමි අද රෑට සඳවතිය ඔබ එන්න මධු විතක් පුරෝගෙන මා උමතුවෙන් අද සොරෙක් වන්නට ඕනෑය මට සිතක් සොරාගත හැකි කෙතරම් රිදුමක්ද ප්‍රියාවිය සොරෙකු වන්නට බැරිකම? ප්‍රියාවිය සොරාගනු මැනවි මා සිත වටින්නට ඉඩ ඇත.

එකිනෙක බැදෙන විට.

මා සතු කුඩය ඉවතලා ඔබ සතු කුඩෙන් යමි මදක් තෙමෙන්නට හැර උරහිස් අතකින් බැදෙනවිට උර වලාකුළකට හැකියි තවත් හයියෙන් වහින්න මිටකට වුණත් කුඩයක බැරිවා නොවෙයි රැහැනක් වෙන්න ඉඳහිට දෑත් එකිනෙක බඳින.

වෙසක්.

අරලියා ගස බකට් අරගෙන හවස් වෙනකොට දැල්වුවා ගසක් දිග ගිය වැලක් වැඩ-කිඩ නිවී දැල්වී පෙන්නුවා තවත් කළුවර ලගා වෙන විට අහස පුන් හඳ එල්ලුවා "මචං ඇවිදින් කාල පලයං" ලවුඩ්ස් පීකර ඉල්ලුවා

සොඳුර මට සීතලයි.

සොඳුර මේ වැහි බිංදු කොඳුරමින් ඔබේ හඬ හිතේ පතුලට ගලයි විලක් තරමට පිරෙයි හදක් හෙමිහිට ගැහෙයි සොඳුර මට සීතලයි තුරු මුදුන් වැනි වැනී රතු පාට තොල් වලින් අසල තුරු සිපගනියි සොඳුර මට සීතලයි.

තුරුපත්.

උස් තුරු මුදුන්වල ඇති පත් ස්නානයෙන් සතුටුව පළමුව වැටෙන නොඉදුල් නැවුම් ජලයෙන් මීට ටික කලකට පෙර ඉහළින්ම හිදිමින් ඉහළින්ම වැජඹුණු කොහිද ඒ සහෝදර තුරුපත්?

නුඹ දැනෙන තැන.

ලෝකය තියා පැත්තකින් ගුලි ගැසී මුල්ලක හුස්ම ඇදගෙන බොන වෙලාවට ඇහෙනවා මට නුඹේ කටහඬ ඒත් නුඹ නෑ එතන කීක් ගාගෙන එස්.එම්.එස් එකක් එන හඬ දුරකථනය නාද වෙන හඬ ඒත් නුඹ නෑ එතන තවත් සමහර වෙලාවට පේනවා මට නුඹ ඉන්න හැටි හුරු පුරුදු ඉගි බිගිම දම දම, ඒත් නුඹ නෑ එතන අන්න ඒ වෙලාවට උගුර හරියට වියලිලා හරි බරක් දැනෙනවා…