අද නිවාඩු දවසේ කරන්ඩ කියලා විශේෂ දෙයක් තිබුනෙත් නැති නිසා කම්මැලිකමට පොතක් කියවන්ඩත් හිතුවත් හරි හමන් පොතක් තිබුනෙත් නැති නිසා ෆෝන් එක අරගෙන අන්තර්ජාලයේ එහෙට මෙහෙට හක්කලං කරනකොට හම්බ උනා පොඩි ගණිත ගැටළුවක්. ඒ ගණිත ගැටළුව ඔයාලටත් අරගෙන ආවොත් හොඳයි කියලා හිතුන නිසා බ්ලොග් එකේ පෝස්ට් එකක් දාන්ඩ…

මට ඒ ඇස් හොඳටම මුණ ගැහුනෙ මාරවිල ඔෆිස් එකේදි. හැබැයි ඊට කලින් අපේ ඇස් එකට යා වුන දවසක් දෙකක් තිවුනා. ඇත්තටම ඒ ඇස් එක්ක යාවෙද්දි මගේ අතැඟිලි ආයෙමත් එයා ආස තනු වාදනය කරමින් ගිටාරයේ කම්බි මත සැරිසරණ දවසක් ඒවිද? අහම්බෙන් හමුවන ජීව්ත කාලයත් එක්ක කොහේට හරි ගැලවී යන්න ගියත් මතක එහෙම්ම දැවටෙනායුරු පුදුමයි.…

මේ දවස්වල ඉන්නෙ කැනඩාවෙ. NPP එකට ඡන්දෙ දාලා රට දාලා ගියා කියල නේද හිතුවෙ? නෑ නෑ ආයෙ ලංකාවට එනව. පොත් ප්රදර්ශනේට යන්නත් එපැයි. ඉස්සර මට ඇත්තටම උවමනාවක් තිබුනෙ නෑ වෙන රටකට ජීවත් වෙන්න යන්න. ලංකාවෙ ෂේප් එකේ ඉන්න පුලුවන්නෙ කියලයි හිතුවෙ. ඒත් ඇත්තටම රටින් පිටට ගියාට පස්සෙ තේරෙනව ඇයි ලංකාවෙන් වෙනත්…
මං දන්නව "දිල්" ඔයාව බඳින්න කෙනෙක් ඉන්නවා කියලා! හැබැයි මට ඒක බාධාවක් වෙන්නෙ නෑ. ඔයාට මගෙන් හිරිහැරයක් වෙනවා කියලා හිතෙනවානම් මෙතනින් නැගිටලා යන්න පුලුවන්! නැගිටලා නොගියත් මං එදාට ඇවිදින් ඔයාව පෝරුව ලගට එක්කන් ගිහින් ලස්සනට එයාට භාර දීලා ආපහු ඇවිල්ල මේසයක වාඩි වෙලා සිසිල් බීම එකක් බොනවා. ඒ මනුස්සයා…

කාලෙකින් කඩා පාත් උනු, මාධව දැන් ඉන්නා කුලී ගෙදරට අල්ලපු ගෙදර ඉන්න ඇන්ටිගෙ ප් රශ්නය ලේසි නෑ! මාධවගේ නෝනා ගෙදර නැති දාට මාධව වෙන කාටහරි තේ හදන බව මේ ඇත්ති කෝමද දන්නවද දන්නෑ? හැබැයි කතාව ඇත්ත! මාධව නෝනා ගෙදර නැති දාට තේ දෙකක් හදනවා තමයි. ඒක කවුරුත් දන්නෑ බිරිඳ ඇරෙන්න...… රහස් පරීක්ෂක සිදුවීමක් වගේ!…

"ජීවක රන්බණ්ඩාර, අපිට පොත්වල නිතර හමුවෙන තමන්ගෙ එකම ආදරය වෙනුවෙන් සටන් කරන තරුණයෙක් නෙවේ. එයා සටන් කරන්නෙ රටේ අනාගතයට ලැබිය යුතු ආදරය ලබා දෙන්න." නිතර කියවන ආකෘතියෙන් බැහැර වුණ කතා පොතක් ගෙවුණ සති අන්තයේ මට ලැබුණා. ඇත්තටම මේ පොත අතට අරන් කියවන්න මම මාස කීපයක්ම බලාගෙන හිටියා. මගෙ පස්සෙන් එන්න - බෝ…

අප බෙලිහුල් ඔය තානායමට එනවිට වේලාව හවස 4ට ආසන්න වී තිබුණද දිවා ආහාරය සඳහා සූදානම් ව තිබූ බුෆේ එක අවසන් වී තිබුණේ නැත. අප කුසගිනි නිව්ර්න තෙක් බුෆේ එකෙන් දිවා ආහාරය ගත්තෙමු. දිවා ආහාරය අවසන් වනවත් සමගම තානායමේ පිළිගැනීමේ නිළධාරි තැන අපට සූදානම් කර තිබූ කාමරයේ යතුර ලබා දුනි. අප නැවතී සිටින කාමරයේ…

ඔරලෝසුවේ පාන්දර දෙකේ කණිසම වැදුනි. එහෙත් නින්ද ඈ අසලට නාවාය වෙනදාට නම් මේ වෙලාව වන විට සුව නින්දක නිදන ඈ, අද නින්දත් නොනින්දත් අතර මැද ඇඳෙහි ඒ මේ අත පෙරලෙමින් සිටියාය. බැරිම තැන ඈ ඇඳෙන් නැගිට වතුර ඩිකැන්ටරයෙන් වතුර වීදුරුවක් නවාගෙන එක හුස්මට පානය කළාය. වතුර වීදුරුව පානය කළ ඈ, කාමරයේ පසෙක වූ ඇඳුම්…

දීර්ඝ සති අන්ත නිවාඩුවක් යෙදී තිබුණ සැප්තැම්බර් මාසයේදි මාත් අපේ ගෙදර සියළුම දෙනා පවුලේ චාරිකාවක නිරත වීය. මෙවර අපේ ගමනාන්තය වූයේ කල්තොට සංචාරය කිරීම ය. දිනය හරියටම කිවහොත් 2025 වසරේ සැප්තැම්බර් මස 5 වනදා ය. අප කලින් දවසේ ගමනට උවමනා කරන සියළුම දෑ ලක ලැහැස්ති කරගෙන එක තැනකට ගොඩ ගසා තැබීමු. එසේ කළේ…
