Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

හිණි මඟ !

ඉහල අවකාශය දකින්නේ කෙසේදැයි සිතන්නවත් බැරි කල අහම්බෙන් අතගැටුනු, පියෙන් පිය ඉහල යද්දී තුතියක් පුදන්න වත් අමතක වුනු, ඉහලට නැඟුනු සැනින් මළකෑ ඇණ මුරිසි අඩු පාඩු දකින, ඉහල අවකාශයේ අසිරි විඳින සඳ මේ මොන කසි කබලක්දැයි පා පහර ලබන හිණි මඟ ! එනමුත් තවත් ඉහල යන්න අවැසි උන් ඇත්දැයි විමසා බලන, පා පහරවලින්…

118. ජීවිතය නම් එහෙමයි

ගිලිහී වැටෙන තරුවක හමන සුළඟේ ස්වරයක වසත් කුසුමෙක සුවඳක පින්න දිලිසෙන උදයක දැවටෙනා පෙණ බුබුලක සැඳෑ හවසක අහසක ඉසින විලවුන් සුවඳක උණුසුම් කෝපි සුසුමක දැකිය හැකි අරුමයක් තිබුණිද අතිර බව හැර අන් යමක් වෙද ණයට ගත් අසිරියකි මේ හැම අහිමි වන අසුරක පමාවට තරුව ගිලිහී වැටේවී සුළඟ හෙමිහිට හමාවී කුසුම මිලිනව…

නිදහස කියන්නේ මේකද? - Is this Fucking Freedom...

නිදහස් දවස එද්දි හැමදාම වගේ මතකයට එන කතන්දර දෙකක් තියේ. එකක් බෙනට් රත්නායක කරපු හොඳම නිර්මාණය වෙච්ච අස්වැසුම චිත්‍රපටියේ එන සිදුවීමක්. මතකයෙ හැටියට දුප්පත්කමේ අඩියෙම ඉන්න ගැමියෙක් වෙච්ච ජැක්සන් ඇන්තනී පණ පොවන චරිතයේ බිරිඳ ( සංගීතා වීරරත්න ) ට කුළුඳුල් ළමයා හම්බවෙන්න ගිහින් අමාරු වෙනවා. ඒ වෙලාවේ…

අපේ සංස්කෘතිය හා සමරිසි බව​ Homosexuality and Sri Lankan Culture

අද නිදහස් දිනේ ඉංග්‍රීසීන් ගෙන් නිදහස් වීම ගැන ලොකුවට කතා කළාට අපි ඇත්තටම ඉංග්‍රීසීන් ගෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙලාද ? කොහෙත්ම න​ෑ. එංගලන්තයත් බොහෝ කාලයකට කලින්ම වික්ටෝරියානු යටත් විජිත නීති වෙනස් කර ගත්තත් තාම අපි ඒ ගැන හිතලවත් නෑ විතරක් නෙවෙයි, හුඟක් අය හිතන්නෙ ඒව තමයි අපේ දේ කියලා. අද ලෝකයම…

117. සඳක් හොරෙන් අරන් ගියා

නෙතක් කඳුළු ඉතිර ගියා සිතක් පිරුණු සුසුම් තියා මිටක් සරින් හරින නියා සඳක් හොරෙන් අරන් ගියා... ඉඳුනිල් මිණි දෑස පියා සුකුමල මුව කමල වසා කෙළිලොල් කිරිකවඩි සිනා සිතුවම් මතකයක් කළා... ලොවක් නිවන ඇසිල්ලකින් වසන්තයක් අරන් ඇවිත් කවක් ලියන්නටත් කලින් රැයක් පහන් වෙලා ගිහින්... සහස් සුසුම් පවන් රැලී නැලැවිලි…

නිදහස් උදානය - සුගුණපාල සමරසේකර

මගෙ සිරි ලංකා භූමි තලේ අද ජයමංගල කෝළ හලේ පහ කළ පරගැති රාජ බලේ නමෝ නමෝ මාතා බැබලේ සිරිලක් අඹරෙහි නැඟ නැඟ දිව් නිදහස් කාහළ මංගල රැව් පිදුරුතලාගල සමණොළ පව් මිහිදුම පැහැ ගෙන සිඹිනු බලව් විදෙසික පීඩන ගිම් උනවා නිදහස් මඳනල රැළි දෙනවා ලක්මව රන්කොඩි ලෙළ වනවා මෙන් සිරිමා බෝ දලු ලනවා යුධ වැද රැකුමට හෙළ භූමි…

සයිටම් සහ (අ) දේශපාලනික ජෝක්ස් - SAITAM vs Humor.

ජාතික ප්‍රතිපත්තියක් හැටියට නොදන්නා මඟුල් ගැන ලිවීම සහ කතා කිරීම අත් හැරලා ගොඩක් කල්. හරියට නොදන්නා සහ බාගෙට දන්නා දේවල් ගැන කතා කරන්න ගිහින් හරියාකාරව ඇණගෙන කිචවීමේ අත්දැකීම් වලින් උගත් පාඩම් තමයි ඉතින්. ආය මොකටද නිස්කාරණේ රෙදි ගලවගන්නේ. පහුගිය දවස්වල මුහුණු පොත උණුසුම් කරපු මාතෘකාව වුනේ සයිටම්…

ගුණසේකර වත්ත

සුවිසල් මාර ගස හන්දිය මැද්දේය පොඩි සුළඟටත් එය නිතරම පැද්දේය එහෙ මෙහෙ යනෙන මාවත් ගම් බැද්දේය ගුණසේකර වත්ත ලෙස නම් ලද්දේෙය මුළු වත්තටම තිබුණෙ කඩවල් තුනකි සැලුන් එක සමඟ සිල්ලර කඩ දෙකකි බැලු බැලු හැම තැනම ලී පැල්පත් පෙළකි වත්තේ ඒ කොනයි මේ කොන පොඩි දුරකි ඇන්ටනා ලයිට් කණු හැමතැන තිබුණි වයර් හැම තැනම කෙස්…