අපි යනෝ මාතර.. ඒක කලින් නොකිව්වෙ කිව්වා නම් දන්නවානෙ කට්ටිය ලෑස්ති වෙනවා අපිව පිලිගන්ඩ අරවා මේවා ලෑස්ති කරගෙන ඒ හින්දා.. යන්නෙ ඇයි කියලා ඇහුවා.. අපේ පොඩි පුද්ගලික උත්සවයක් තියෙනවා ආන්නේකට සහභාගි වෙලා එන්ඩයි යන්නෙ.. මෑතකදි මාතර පැත්තෙ යන දෙවනි සැරේ මේ.. ඉස්සෙල්ලා සැරේ උනේ.. මහරගම ගාල්ල මාතර හයිවේ…

තිස් වසරක යුද්ධයෙන බැටකැ රටක් ලෙස අමිහිරි අත් දැකීම් සහ කදුලු පිරිණු රටක් යළිත් ලේ විලක් බවට පරිවර්තනය වීම කිසී සේත්ම නොවිය යුත්තක්! තම දේශපාලන, ව්යාපාරික සහ උද්ගලික අවශ්යතා සඳහා කෝටත් තෛලය ලෙස ජාතිවාදය ඈවිස්සීම අපේ රටේ සමහරක්ට සුලු දෙයක්. අපි මොකක්ද බලා පොරොත්තු වෙන්නේ? සිංහල දෙමාපියන් යටතේ අපි…

කාලෙකට...පස්සෙ...වෙලකට බැස්සෙ... ඔන්න ඉතිං..කාලෙකට පස්සෙ තමා මේ පැත්තෙ ආවෙ ! කාලෙයක් කිව්වෙ ඉතිං අවුරුදු 2-3ක් විතර..එච්චර ලොකු කාලයක්මත් නෙවෙයි ! හා...හා ඉතින් ඇයි ඔය කොස්ස අතට ගත්තෙ ??? ආ...ආ.ආ...ගේ අතු ගන්ඩ නම් කමක් නෑ ඉතිං..මම හිතුවෙම..නෑ ඒවා ඕනි නෑ හිතුව ඒවා.. ඔව් ඔව්..අද උදේ ඉඳන් ඒ පැත්තට යන…

සිහින අතරින් සුපිපි කුසුමක් සොයා යන ඒ මිලින දෙහදක් කලෙක ගිලිහුන පැතූ ඒ සඳ ඇසුරු සැනෙකට හිමි වූ කල නොවුන් සිත් තුටු සිහින විලසින් හඬයි ඈ සිත සිනහ පාමින් නොවන විලසින් අහිමි හිමි බව
6 වන ශේණියේ සිට ICT ඉගැන්වීමට අධ්යාපන අමාත්යංශය ගත් තීරණය ඉතා වැදගත්. එහි විශය නිර්දේශයේ පළමු මොඩුලයේම embedded devices අැතුලත්. 9 වන ශේණයේ ඇලොගරිතම ඇතලත් උසස් පෙළට IoT එකතු කර තිබෙනවා.මේ අනුව ප්රථම දිනයේම ළමුන්ට coding හඳුන්වා දීම වැදගත්. මෙහිදී හුඟක් ගුරුවරුන් අහන ප්රශ්නයක් මේ සඳහා කුමණ…

හැම රෑම හීනෙකින් - කර ඇඹෙන හැටි දකින කඩුලු කඹ කඩාගෙන - පනින ඇන ඇන දුවන හති වැටී නතරවී - හණගැසූ තැන කසන අං පාර (නො)වැරදුන - බෝ හිසින ලේ ගලන කුළුණු කලු වලාකුළු දුමට ඉහළින් නැගුන හිස්කරත් මුදු බරැති හැඟුම් පොදි ලෙහි රැඳුන වියරු ඇස ගැටුනු කල වන වදුල තෙත හිඳුන හලයි ගිනි අඟුරු යලි ගෙයි උඳුන්වල රැකුන

අඳුරු මීදුම අඳුරු සිත වට සීත සුළඟට දැනෙයි තනිකම අඳුරු අහසත වලාකුළු මත රිදී පාටට සිහින ඇන්දුව කුරුල්ලෝ දැන් වරෙව් තනියට, අහම්බෙන් එක මාසේ මුල්ලක ගමට පියඹා යන්න ආ සඳ වෙරළු ගස් යට හීන ඇහිළුව ළමා රෑනක හඬ ඇසෙයි ළඟ, අඳුරු මීදුම අඳුරු සිත වට සීත සුළඟට දැනෙයි තනිකම පියාඹා විත් හීන හිරිකඩ අහස ගුගුරා වැටෙයි…

මම මෙතන මෙහෙම ගහක් ගලක් වගේ හිටියට, මගේ ජිවිතේ ඔයාලා දෙන්නා අතර හිර වෙලා. බැඳීම් එක්ක එ් අාපු තෙරපීම එක්ක මම හිත් පිත් නැති ශරීර කූඩුවක් වෙලා.... නිදහසේ හුසම ගන්න ජීවත් වෙන බව දැනෙන්න පුළුවන් දවසක මට අාපහු නොඑන බව මම නොදන්නවා නෙවෙයි... එ්ත් මම අාසයි මේ ජීවිතේ ඔයාල දෙන්නගේ අත් වාරුව වෙන්න…

ඉස්සර නම් හොඳය. ගෙදර කටු මැටිය, බිමට ගොම මැටිය, වහලය පොල් අතුය. හුණු ටිකක් ගාන්නත් රජයෙන් ඉඩක් නැත. දැන්නම් එහෙම නැත. අත්තිවාරම කළුගල්ය. බිත්ති ගඩොල්ය. බිමට කොන්ක්රීට් දමා ටයිල් කල යුතුය. වහලයට විතරක් පතම පත වියදම්ය. තොපිට නම් ආතල්ය. කෙළ වුණේ මේ මටය. ඉස්සර නම් හොඳය. ගමන් ගියේ පයින්ය, බිමන් ගියේ…
"නයින් ලෙවන්" කියපු ගමං අර බිල්ලාඩන් ප්ලේන් හප්පලා කරපු හදිය මතක් වෙනවනේ හැමෝටම. එතකොට "නයින් වන් වන්" කිව්වහම හඳ අල්ලපු රටේ හදිසි ආපදා අංකය මතක් වෙනවනේ. බිල්ලාඩන් ඔය වැඩේ හරියටම සැප්තැම්බර් එකොළොස් වෙනිදා අල්ලලා කොලේ, මේ හදිසි ආපදා අංකෙ නිසා කියලා සෑහෙන කාලයක් යනකන් දැනගෙන නොහිටපු මම වගේ තවත්…
