අප අවට සෑම තැනම විවිධත්වය තියෙනවා. විවිධ පාට, විවිධ හැඩතල, විවිධ සත්තු, විවිධ ගස්, විවිධ මිනිස්සු ආදී වශයෙන් විවිධත්වය හැම තැනම තියෙනවා. ලෝකය සුන්දර වෙන්නෙ මේ විවිධත්වය නිසයි. ඒත් සමහරු ඒ විවිධත්වය නැති කරන්න උත්සාහ කරනවා. ඒ වුනාට අපි තේරුම් ගන්න ඕනෙ ඒ විවිධත්වය නැති කලොත් අපිත් නැති වෙනව කියල. ඒ…

හොරාගෙ පුතා හොරා වෙන්නම ඕනෙ නෑනෙ. ඒ වගේම ළමයගෙ හම කළු උනා කියල අම්මලගෙ තාත්තලගෙ හමත් කළු වෙන්න ඕනෙම නෑනෙ. ඒ කියන්නේ අම්මලගෙ තාත්තලගෙ ලක්ෂණ ළමයින්ට තිබිය යුතුම නෑනෙ. ඒ හිංදා විසංවාදී ක්රමය දෝෂ සහිතයි නේද? ඒ කියන්නෙ අපි යම් මූලයකින් පටන් ගෙන ඉදිරියට ගියාට පස්සෙ ලබා ගන්නා දේවල් දිහා බලලා මුල් මූලය…
වර්තමානයේ තියෙන සංගීතයට, සංගීතය නෙවෙයි “නිර්මාණාත්මක ශබ්ද කලාව” කියල හඳුන්වන්න කැමතියි. (අතීතයේ තිබ්බ සංගීතය ගැන මම කතා නොකරන්නේ ඒ ගැන මගේ දැනුම අඩු නිසා.) මොකද වර්තමාන නිර්මාණ වල සංගීතයට අමතරව සංගීතය කියල හඳුන්වන්නෙ නැති විවිධාකාර වූ ශබ්ද ඒ ඒ නිර්මාණ වලට උචිත වන අයුරින් (නිර්මාණාත්මක ලෙස) යොදා…

ආර්ථික විද්යාවේ පදනමේම අහේනියක් ඇත. ඒ ලාභය නම් සංකල්පයයි. ලාභ අපේක්ෂාව ආර්ථික විද්යාවේ මූලිකම අංගයක් නමුත් එයම ආර්ථික විද්යාව බරපතල ලෙස අස්ථාවර කිරීමටද හේතු වෙයි. ඒ කොහොමද කියල අපි බලමු. ආර්ථික පද්ධති 2ක් සලකමු. එක් පද්ධතියක් ලාභ ලැබීමට නම් එම පද්ධති 2 අතර ආර්ථිකමය සමතුලිතතාවය ලාභ අපේක්ෂා කරන…

ඔන්න මම කලිං කිව්වෙ මේ මලට කලින් පිපුණු මල.කොහොමද? මේකත් මාඤ්ඤමිකයි නේද? මේක කලින් දාන්න බැරිවුනේ photo එක හොයාගන්න බැරිවුන නිසයි. මේක ගැන මොකද හිතෙන්නේ.....

හායි කොහොමද? මම මේ කියන්න යන්නෙ අමුතු දෙයක් ගැන.( හැමෝටම අමුතු නැතුව ඇති)මොකක්ද? ඇන්තූරියම් මලක් ගැන.....මේක අපේ වත්තෙ හැදිල තිබුන මලක්.සාමාන්ය ඇන්තූරියම් මල් මෙන්න මෙහෙමනේ.... ඒත් මම කියන්නයන 1 නම් ඊට ටිකක් වෙනස්.මේකේ මලේ නැට්ට (ඒ කියන්නෙ මල ගාව තියන ) මලටවඩා පොඩ්ඩක් පහලින් තියෙන්නෙ.ඒ කියන්නෙ මේක…

දාහට අඩු ඉලක්කමක් හිතා ගන්න කියලා ඔව් නෑ ආකාරයට දෙන උත්තර අනුව එම සංඛ්යාව නිවැරදිව ප්රශ්න දහයක් ඇසීමෙන් කියන ක්රමය අද මම මෙහි විස්තර කරනවා. ඉස්සෙල්ලම අපි මේකෙ ඇත්ත ක්රියාකාරිත්වය කුමක් ද කියල සොයා බලමු. ඔව් නෑ කියන අන්ත දෙක භාවිතා කරන බයිනරි හෙවත් ද්විමය සංඛ්යා භාවිතය මෙහි පසුබිමයි. එබැවින්…

ඇත්තටම කියනවනම් මට හිතෙන විධියට නුදුරු අනාගතයේදීම මිනිස්සු ඉතාමත් දුර්වල සත්තු ජාතියක් බවට පත්වීමට ලොකු අවධානමක් තියෙනවා. අතක් පයක් හොලවගන්න තරම් වත් පණ නැති, හරියට ඇස් පේන්නේ නැති, කන් ඇහෙන්නේ නැති, එකයි එකයි දෙකයි කියල හදාගන්න බැරි, පොඩි හෙම්බිරිස්සාවකටත් මරණාසන්න වන තරමටම දුර්වල වෙයි කියලයි මට…

අපේ බස(සිංහල) රැකගත හැකි තවත් එක් ක්ෂේත්රයක් ගැනයි මෙම ලිපියෙන් කතා කරන්නේ. නම දැක්කම සෑහෙන සංකීර්ණ වැඩක් කියල හිතුනත් එහෙම නෑ. සංකීර්ණ බව කෙසේවෙතත් වැඩේනම් අත්යවශ්යයයි. ඒ වගේම මේකට හැමෝගෙම සහභාගීත්වය ඕන කරනවා; එහෙම නැතුව මේක ලොකු ලොකු අය විතරක් කල යුතු දෙයක් නෙවෙයි. මේ ලිපිය කලින් ලිපියක…

මම මේ කල්පනා කලේ අපි පාවිච්චි කරන හැම දෙයක්ම වගේ (ඒ කියන්නේ හැම දෙයක්ම කියල නෙවෙයි හැම දෙයක්ම වගේ කියලයි) වැඩ කරන්නේ විදුලියෙන්නෙ. අපි විදුලිය කියන ශක්ති ප්රභේදයට ඇබ්බැහි වෙලා වගේ ඉන්නෙ. (අපි යැපෙන්නෙ බොරතෙල් මත කියන එක බොරුවක්. අපි යැපෙන්නෙ විදුලිය මත. අපි බොරතෙල් වලින් වැඩි හරියක් පාවිච්චි…
