බ්ලොගය මෙතුවක් කල් පවත්වා ගෙන යාම සඳහා, නන් අයුරින් උපකාර කළ, ප්රතිචාර දැක්වූ පාඨක ඔබ සැමට, ලබන්නා වූ 2011 නව වසර, ඔබගේ සියලු යහපත් පැතුම් ඉටුවන, සුභ නව වසරක් වේවා! :) මෘදුකාංග: GIMP 2.6.10 (මෙය GIMP මෘදුකාංගය උපයෝගී කරගෙන කරන ලද පළමු නිර්මාණය වේ.)

ඕන්න 2010 අවුරුද්ද නිම වෙලා 2011 අවුරුද්ද ලබනවා.හැමෝම වාගේ සතුටින් ඇති කියල හිතනව මොකද ඉතින් අලුත් අවුරුද්දක්නෙ. නේද?ඒත් මේ අවුරුද්දට මට නම් ටිකක් බය හිතෙනවා මොකද උසස් පෙළ විභාගෙ 2011 අවුරුද්දෙනෙ.බයයි කියල බෑ.ඒක ලියන්නම ඕනිනෙ.දැන්වත් ටිකක් වැඩිපුර පුටුව රත් කොරන්න ඕනි නැත්තම් ඉතින් සොරිම තමා.…
අද හවස මම මුහුදු වෙරලට ගියේ ගෙදර ඉන්න කම්මැලි නිසා. අයිස් ක්රීම් එකකුත් කකා පරණ ඔරු කඳකට හාන්සි වෙලා ඈත ක්ෂිතිජය දිහා බලා ඉන්න කොට මං ගාවට දුව ගෙන ආවේ හොටු පෙරා ගත්ත අවුරුදු 5ක විතර පුංචි කොලු ගැටයෙක්. ඇවිත් ඉන්නවා. මං හිතුවා කීයක් හරි ඉල්ලයි කියලා. ඒත් ඉල්ලානෙත් නෑ. මම අයිස් ක්රීම් එක කන දිහා…

ඔන්න යාලුවනේ 2010 වසරෙ අවසානයේදීම , ලියන අවසාන බ්ලොග් ලිපිය ලියන්න තමා මගේ සූදානම …. . 2010 ආරම්භයේ පටන් අද වනතුරු මගේ ජීවිතේ වටිනාම සිදුවීම් කිහිපයක්ම තියෙනවා . ඒ හැමදේම මගේ අනාගතේට හුගාක් වටින දේවල් , ඒ වගේම මට සතුටු වෙන්න පුලුවන් අනාගතේ තීරණය කරන විශේෂ සිදුවීම් කීපයකුත් තියෙනවා . ඉතින් යාලුවනේ…

ඔන්න මගේ BLOG එක සාර්ථකව දියත්කරගන්න පුලුවන් උනා.ඒවගේම බලාපොරොත්තු උනාටත් වඩා අතිවිශාල ප්රතිචාරයක් ඒකට හිමි උනා.ඇත්තටම එහි comment දැමූ ඒ වගේම නොයෙක් ආකාරයෙන් මාව දිරිමත් කල සියලුම දෙනාට බොහෝම ස්තුතියි.මේ පොස්ට් එකත් ඔබ සැමට ස්තුතිකිරීමට යොදා ගන්නම්. ඒවගේම හෙට ලබන අලුත් අවුරුද්ද බ්ලොග් ලියන කියවන…

ඉතින් ඔන්න හිතවතුනි 2010 වසරෙ ලියන අවසාන ලිපිය. මේ පහුගිය වසර දිහා අපසු හැරිලා බලද්දී මටනම් සතුටු වෙන්න කාරණාවන් කිහිපයක්ම තිබෙනවා. ඉතින් ඉටුකරගත්තු පැතුම් වගේම ඉටුකරගන්න තියෙන බලාපොරොත්තු සේරමත් අරගෙන 2010 වසරෙන් උදාවන අවුරුද්දට පිවිසෙන්න බලාගෙන ඉන්න හිත මිතුරු බ්ලොග් මිතුරු මිතුරියන් හැම දෙනාටම…

සියල් සිරින් පිරි සුභ අවුරුදු හීන කැළැල් සිත් සැදී මිතු දම් ගොඩ දාන සියල්ලන්ට සිතු පැතු සම්පත් ගේන මඟුල් ලකුණ කිය, කවි සිතිවිළි පාන කඩින් කඩ එකතුවී මහ ගඟක් වෙලා බලන් සිටිද්දිම මහ පෙළහරක් කලා නෙතින් නොදුටු බ්ලොග් සඟයිනි මෙතෙක් වෙලා හිතින් බැඳුන යුරු අරුමය පසක් කලා කියන්නට තිබූ බොහෝ දේවල් නොකිපි…

අවුරැද්දක් ගෙවිල අවුරැද්දක් ලබන්න තව ටික වෙලාවයි තියෙන්නේ... ඉතින් ඉස්සර නම් හැමදෙනාම කියන්නේ සාමයෙන් සපිරි සුභ නව වසරක් කියලා ඒත් අපි කවදාවක් අමතක කරන්න හොදනෑ ඒ සාමය ගෙනෙන්න එයාලගේ තරැණ කාලය කැප කරල කියල ඒ අපිට ගෙන්ල්ල තියෙන සාමය අපිම තමා රැක ගන්නත් වෙන්නේ නැතිනම් ඒ ජීවිත පුජා කරපු, ආබාදිත වෙචිචි…
පැතුම් කන්දක් පොදිබැදන්, හැගුම් පියවිලි ගොඩගසන්, නැවුම් බලාපොරොත්තු අහුරු අරගෙන, පානගමු නව වසරට ආසිරි සැමට, නිදුක් නිරෝගී නව වසරකට!!!!!!
දැන් (2010 ) ගෙවිලා (2011 ) ලබන්න ඔන්න මෙන්න තියෙද්දි මා මෙම ලිපිය ලියන්නෙ ඔයගොල්ලන්ට කිමට වැදගත් කරුනු නැති නිසවේනි. මගේ බ්ලොගය අලුත් කරල තාම ගෙවුනේ දවස් 5 යි. එහේත් උදාවෙන නව අවුරුද්දේ ඔයගොල්ලන්ට අලුත් අලුත් වැඩ කිඩ ටිකක් සහ මෘදුකාංග පිලිබදව විතරක් නොව (Blog Tips&Tricks ) ගැන දෙන්නට හිතාගෙන…
