Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

නපුරු පෙම්වතෙකු ගේ චූල්ල කතා වස්තුව - Cruelty defined!

මේ නපුරු පෙම්වතා මට මේ කතන්දරේ කිව්වේ දැන් සෑහෙන කාලෙකට කලින්. දශක දෙකක් විතර වගේ ගෙවිලා ගිහින් තිබුණත්, කතන්දරේ සාරාංශය එදා වගේම අදත් ඒ විදියටම වැදගත් කියලයි මට හිතෙන්නේ. ඒ හින්දා තමයි මට හිතුනේ මෙච්චර කාලයක් පොරොත්තු ලේඛනයටවත් දාන්නේ නැතුව හිටපු මේ ඉතා කෙටි කතන්දරේ අද ලියලා දාන්න. කතා නායකයාට…

කුමක්ද මේ අවජාතික වාදින් හා කල්ලතෝනින්ගේ තුඩඟ රැව්දෙන "තලිබාන් බෞද්ධ™"

අප ගැමි වහරේ "කලතෝනින්" යනුවෙන් හඳුන්වන්නේ ආගමක් දහමක් නැති ක්‍රියාවෙන්ද ඒ බව ඔප්පු කර ඇති අයලුවන් වේ. මේ ලිපිය ලිවීමට මුල්වූයේ "මාතලන්™" නමින් හඳුන්වාගන්නා කල්ලතෝනියකු විසින් මහින්දාගමනය හාස්‍යයට ලක්කරමින් කරන ලද බ්ලොග් පෝස්ටුවකි. ඔහුගේ දේශපාලන අදහස් කුමක් වුවත්, බෞද්ධයන් විසින් ඉමහත් ගෞරවයෙන්…

සිංහල ළමයින් ට දෙමල ආරේ නම්? - Is this a new trend?

ළමයින් ගේ නම් ගැන මං මීට කලින් කතන්දර කීපයක්ම ලියලා තියෙනවා. ඒවායින් මං කැමතිම කතන්දරයක් තමයි අර එක පවුලක මුලින් උපන්න කෙල්ලෝ තුන්දෙනාට නියම ලස්සනට රයිම් වෙන නම් දාපු දෙමව්පියෝ හතරවෙනියා පුතෙක් වුනාම ඒ තමන්ගේ නීතිය තමන්ම කඩලා අංජබජල් නමක් දාපු කේස් එක. නම් ගැන කතාකරන කොට සිංහල අයට සාමාන්‍යයෙන්…

නෙතු අද්දර - 34

දින සති මාස ගෙවීගොසින් කේෂිණී මගෙ නංගිත් සුරංගත් අතිනත ගන්නා සුභ දිනය උදා විය. මම නංගිව හැඩ ගන්වන කාමරයට ගියෙමි. සුරංගනාවියක් වගේ හැඩගැන්වී සිටින නංගිව දැකීමෙන් මගේ සිතට ඇති වූයේ අප්‍රමාණ සතුටකි. “නංගී.... ඔයා අද හරිම ලස්සනයි කෙල්ලෙ. හරිම ලස්සනයි.“ මා එසේ කියද්දී ඈ ලැජ්ජාවෙන් මෙන් සිහින් සිනහවක්…

මේ දවස් වල - ලංකාවේ දුරින් ඉදන්.......

මාස ගානකින් බ්ලොග් පොස්ට් එකක් ලියනවා තියා කියවන්න උනේ නැ.. අභියා ගේ මොකක්ද කෙස් එකක් පත්තරේ ගිහින් තියනවා කියලා දැක්ක නිසා එක බලනකොට පරණ පොස්ට් ටිකක් අබියා ලියලා තිබුන කියවන්න හිතුන නිසා මටත් මතක් උනා බ්ලොග් එකක් තිබුනා නේද කියලා.. තැන්ක්ස් මට මතක් කරල දුන්නට.. ලංකාවෙන් ගොඩක් දුර රටක ඉදන් ලියන…

නිරුවත් රූමතියෝ - Naked Beauties

ඉංගිරිසියෙන් ටීනේජ් (teenage) යැයි පොදුවේ හැඳින්වෙන ගැටවරවිය යනු අප ළමාවියෙන් තරුණ වැඩිහිටි වියට යන ගමනේ දී ගතකරන එක්තරා ආකාරයක සංක්‍රාන්ති සමයක් ලෙසින් හැඳින්විය හැකිය. ගැටවර වියේ මුල් අඩවියේ දී අපේ හැසිරීම් ළමා කාලයට වඩාත් සමීපවද, ගැටවර වියේ අවසාන අඩවියේ දී අපේ හැසිරීම් තරුණ වැඩිහිටි කාලයට වඩාත්…

ස්ට්‍රයික් ස්ට්‍රයික්.....

ස්ට්‍රයික් ස්ට්‍රයික් ආයෙමත් ස්ට්‍රයික් ජීවිතය පසුබසියි තවත් වසරක් දුරට දැන්වීම් සෑම තැන වසා ඇත සරසවිය ඇඳුම් මලු පොදි බැඳන් සවස යමි ගම් රටට මාළු පිණි කිහිපයක් සමග එක බත් කටක් රහ බැලූ කාලයක් මතක නෑ මෙහෙදි මං මිරිස් වැඩියෙන් හොඳට ලුණු දමා ඇති පමණ ඇඹුල් තියලට මාළු හිඟයි කලු නික පමණ අතු බැඳල ගෙයි වහලෙ…

විජ්ජාවෙන් හොඳම විජ්ජාව ගැලවිජ්ජාව! - Gelavijja Stage Drama by Nishman Ranasinghe

මට මතකයි මං නමයේ පන්තියේ ඉන්න කාලේ තමයි අන්තිමට තාත්තාගෙන් ගුටියක් කෑවේ. ඒ ඉස්කෝලෙන් පස්සේ නාට්‍ය තරගයක් බලන්න ගෙදරට නොකියා නතරවෙලා පරක්කු වෙලා ආපු හින්දයි. එදා ඒ නාට්‍යයේ රඟපාපු අපේ පාසලේ උසස් පෙළ ශිෂ්‍යයින්ගෙන් අඩු වශයෙන් දෙන්නෙක් අද ලංකාවේ සුප්‍රසිද්ධ නළුවෝ. ඒ ගුටි කෑමෙන් පස්සේ (ඇත්තටම නිකං…

පිටගංකාරයෝ

මගේ වස්තුව වෙච්චි වීඩියෝ සෙන්ටර් එකේ බඩු ටික විකුනන්න දාපු ලිපියෙන් පස්සේ පෙට්ටගම පැත්තට ගොඩ වෙන්න බැරි උනා. සෑහෙන කාලයක් ගත උනා. අධික වැඩත් කම්මැලිකමත් දෙකම එකතු වෙලා අලුත් පෝස්ට් මොකවත් දාගන්න බැරි උනා. අධික වැඩ වෙලාවට ලියාගන්න වෙලාවක් නෑ ලියාගන්න වෙලාව තියන වෙලාවට කම්මැලියි. මොනවා කරන්නද. ඔය…

සමාවෙන්න....

SORRY.... නිකම්ම නිකම් අකුරු 5ක් ද... නෑ ඒක නිකම්ම නිකම් අකුරු නෙමෙයි.. ගැඹුරු අරුතක් තියන වචනයක්... හැබැයි.... අද ඕනම කෙනෙක්ගෙන්... නිකම්ම කියවෙන ,වටිනාකමක් නැති.. වචනයක් වෙලා... මට හැගෙන විදියට... එහෙමයි... sorry , එහෙම කියනවට වඩා... සමාවෙන්න මං අතින් වුණ වැරුද්දට...කීවොත්.... එතන ඇත්තටම sorry…