Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ජාතිය නැති කල හැකිද? නීතිය පොදු විය යුතුද?

රුධිරය රතු පාට බව මම දනිමි. සෑම මිනිසේකුග‍ේම ඇඟ‍ේ දුවන්නේ ලේ බවද දනිමි. තම ජිවිතයට වැඩිපුරම ආදරය කරන්නේ තමා පමණක් බවද දනිමි. නමුත් ලෝකය තුල විවිධ වූ බෙදීම් පවතී. මව් රටට ආදරය කිරීම එයට ගරු කිරිම සමාන්‍ය දෙයකි. එලෙසම තමා ජීවත් වන රට වෙනස් වූ පසු එයටද ගරු කිරිම පුරවැසියෙකුගේ යුතුකමකි. පුද්ගල…

කාළ ගුණේ ලොක්කා වෙත..

ගහගෙන ගිය සරම හෑගොඩ කවියාගේ සිහිවෙනවා මාතර දුක දැක්කාම කළසම් ඇඳන් ඉන්නා උන් කාළගුණේ හෙළුවෙන් වරෙන් ගංවතුරේ පීනන්න ඉන්දිය කාළගුණෙ වෝනින් අපට දෙති අපේ හරක් පච කෙල කෙල බත් බුදිති සන්නාහක සවිකර ඇත බේරෙන්න එවත් පුච්චගෙන වැදියන් මුන්ට හෙන

කඹේ පාගපු ගොනා ගැන කතන්දරයක් - Silly me!

අපේ මතකයේ යට හැංඟිලා තියෙන එච්චර වැදගත්කමක් නැති දේවල් සමහර වෙලාවට එකපාරටම උඩට එනවා නේද? සමහරවිට එහෙම වෙන්නේ මොකක් හරි දෙයකින් ඒ මතකය නැවත උත්තේජනයවීම හින්දා වෙන්න ඇති, එහෙම නැත්තං ඒක නිකම්ම නිකං අහඹු සිදුවීමක් වෙන්නත් පුළුවන්. අද කියන්න යන මේ කතන්දරේට සම්බන්ධ සිද්ධිය හදිසියේම මගේ මතකයට ආවේ ඇත්තටම…

වෘකයින් දෙදෙනාගේ සටන

සීය තම මුණුබුරාට කියල දුන්නලු සෑම මිනිහෙකුගේම ඇතුලාන්තයේ තියෙන සටන ගැන. " පුතා .. සෑම මිනිසෙකු තුලම වෘකයින් දෙදෙනෙකු සටනක නියලෙනවා .." "එකෙකු නරකයි. ඌ වෛරය,ඊර්ෂ්‍යාව, දුක, පසුතැවීම, තන්හාව, බොරුව, මමත්වය පිරුනු එකෙක්." " අනිකා හොඳයි, ඌ ආදරය, සාමය, සතුට, බලාපොරොත්තුව, කරුණාව, සත්‍ය, පරිත්‍යාගය…

අපිට තරු පෙන්වන තරු

සමහර විට මං මේ කියන්නට හදන කතාව ඔය ඇත්තො දන්නවාත් ඇති. නොදන්නා අය වෙත්නම් මෙන්න දැනගන්න. ඇමරිකාවටත් වඩා ‘රියැලිටි ෂෝස්‘ දැන් තියෙන්නේ අපේ රටේ. ඒ නිසා හැම වැඩසටහනකම තියෙන්නේ දැඩි තරගකාරිත්වයක්. හොදින් හෝ නරකින් දිනන තැනට තරකරුවන් පත්වී සිටිනවා. කොහොමද අපේ රටේ ‘රියැලිටි ෂෝස්“වල තරු තෝරණ ආකාරය…

මිනිසෙක්...........

අළුපාට අහස් ගැබ සුළඟට වැනෙන දුම් රොටු දා දියෙන් පෙඟුන කය ගිනි වැකුන දේ ඇස් කම්මලක් වැනි සිතිවිලි අතැක බරවු මන්නය සොයන්නේ මිනිසෙක්.! නොව, ජාතියක් ජම්මයක් නැති රුහිරු බිඳක්.!

අඩෝ මරක්කලයා! - Hey you seafarer!

අවිහිංසාව, මෛත්‍රිය, කරුණාව වැනි අතිශය මානුශික සංකල්ප අනුව තම ජීවිතය හැඩගසා ගන්නට අපට හොඳින් උදව්කර ගත හැකි බුද්ධ ධර්මයට නිගා දෙන ගණින්නාන්සේලා පිරිසක ගේ උසි ගැන්වීම් සහ එයට වක්‍රාකාරව උල්පන්දම් දෙන ඇතැම් දේශපාලුවන් ගේ ක්‍රියාදාමය නිසා රටම නැවතත් අගාධයට වැටෙන්නට යන මේ මොහොතේ, එකී එක් ගණයෙකු ගේ අධෝ…

දහම් සදහම් ගැටුම

වසන්තය අග - ගිම්හානයට පෙර පිපුණු කුසුම් වල වස මුසු ව ඇත මකරන්ද සුළඟේ එතෙන විට සුවැති මද නල නුඹ නසනු ඇත සබඳ, මතක ද අඳ කුඹුර ළඟ මොට්ටැක්කිළියෙන් වසාගෙන හිස අහිංසක සිනාවෙන් සිත් නිවූ ඇය ඇගේ දෑස මිස, නම මතක නැත... ඇනිකට් එක ළඟ මාළු නටන තැන සිනාසුණු තන්ගමනි මතක ද? පුංචි රතු මොට්ටුව තියා නළලත පිච්ච මල්…