Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

Arduino සිංහලෙන් - උෂ්ණත්වමානයක් හඳමු 1

උෂ්ණත්වමානයක් නිවසේදීම හදාන්න හැටි අද අපි මේ ලිපි පෙලින් කතා කරමු. මේ දවස් වල තිබෙන අධික උෂ්ණත්වයත් එක්ක මේය ඔබට ඉතාමත් වැදගත් වේවි යැයි මම හිතනවා. මේ සඳහා මම කලින් ලිපි වල සදහන් කල උපාංග වලට අමතරව Temperature Sensor එකක් අවශ්‍ය වෙනවා. වෙළද පොලේ ඔබට විවිධ Temperature Sensor දැකගත හැකියි. නමුත් මම…

තාක්ෂණික පෙරලියක්............

Google Street View අතීතයේ සිට අපි සිතියම් කියෙව්වෙමු. සිතියම් බැලුවෙමු. එය ක්‍රමයෙන් Google Map ඔස්සේ පරිගණක ආධාරයෙන් වඩාත් අපූරු ලෙස දැකීමටත් බැලීමටත් යොමු විය. එහි වඩාත් ආකාර්ෂණීය අවස්තාවක් බවට පත් වූයේ චන්ද්‍රිකා තාක්ෂනය භාවිතයෙන් අහසේ සිට බැලීමට ලැබුණු අවස්ථාවයි. එය Google Earth වශයෙන්…

සයිබර් සිහිනය දකින්න සූදානම් ද?

අපි කලින් දවසක කිව්වා වගේම; සයිබර් සහෝදරත්වයේ ප්‍රේමනීය ඉසව්ව සයිබර් සිහින බක්මහ උළෙල 2016 2016 අප්‍රේල් මාසෙ 30 වෙනි සෙනසුරාදා උදේ 9.00 ට අපිට පුරුදු වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා. ක්‍රීඩා තරඟ ගණනාවක් එක්ක අපිට පුරුදු විනෝදාංශ රැසක් මේ වෙනකොටත් සංවිධානය වෙලා ඉවරයි. ඒ විතරක්…

රන් වීණාවක සත්සර රැව්දෙන නව යෞවන වයසයි....

රන් වීණාවක සත්සර රැව්දෙන නව යෞවන වයසයි.... මල් කෙමි පිපිරී රන් මධු ඉ හි රී ඉහිරෙන බව පවසයි..... දැතට හකුලා - සතර දිගන්තය ජීවන උයනට - වඩින වසන්තය අනන්ත රස කළඹයි........ හිතේ තියා උන් - ළයට තුරුල් කර විසිතුරු අරුමැසි - සිහින කතන්දර රහස් වැලක් කොඳුරයි........ රිදී විමානෙන් - සිතුම් පැතුම් හල් ඇදී ඇදී…

174. දීපා, තක්කාලි වලට මොකද වුනේ කියල නං අහන්නෙපා.

ගුරු පුහුණුවෙන් පස්සේ අපිව ආපහු දැම්මේ, අද කාලෙ සමහර දෙනෙකුට මොනවගේ දෙයක්ද කියලා හිතාගන්නත් අමාරු. අනිවාර්‍ය දුෂ්කර සේවයටයි. ලොකු ලොකු අතු අල්ලන්න අත දිග උන් බොහොම උජාරුවෙන්, පොරත්වයෙන්, ඒ වගේම ආත්ම විශ්වාසයෙන් කිව්වෙ උන් නම් ඕක කියලා හදවා ගන්නවා මිසක, මොන ජාතියෙන්වත් දුෂ්කර , සේවෙට නම් යන්නේ නැති…

මතක නැද්ද මුතුමැණිකේ

කල්ලඩි පාලමට උඩින් මඩකලපුවට ගිහින් පාසිකුඩා වෙරල අයිනේ සින්දු කියලා අපි නැටුවා මතක නැද්ද මුතුමැණිකේ ඉර බසිනා හැන්දෑවේ ඒ දිහාව බලාගෙනම වෙරල දිගෙ ඇවිද ඇවිද රසබර කර කියපු කතා මතක නැද්ද මුතුමැණිකේ අනාගතය ගැන හීන ගොඩක් මව මව ඔබ කියපු කතා සුන්දර සේ අත් අල්ලන් ඈත බලගෙනම අහන් හිටියා මතක නැද්ද මුතුමැණිකේ

මා පුත...

විසල් මේ ගොමු යට සෙවන අයදීමද නපුරක්ය හැමවිට... නර කෙසුත් ඇද ඇද සාදු හඬ පතුරන බොහො දනන් දැක දැක සසර තව දික් කර නොනවතින් මා පුත...

කුළුඳුල් කොණ්ඩ කැපීම

පහුගිය ඉරිදා උදේ වටින් ගොඩින් එළිය වැටීගෙන එද්දි අපි හැමෝම ලෑස්ති උනේ විශේෂ ගමනක් යන්න. අපේ චුටි පුතාගෙ කොණ්ඩෙ කපාගෙන එන්න යන්න. කොණ්ඩ කපාගෙන එන්න යන එක විශේෂ ගමනක් වෙන්නෙ කොහොමද කියන එක ඔයගොල්ලන්ට හිතෙනවා ඇති. මේක එයාගෙ පළමුවෙනි කොණ්ඩ කැපීම. ඒ උනත් ඒකෙත් විශේෂයක් නෑ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්.…