Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ඉත්තෝ ( කෙටි කතාවකි ) - පළමු දිග හැරුම

විජිත් ප්‍රසන්න නැවතත් ඒ විකාර හීනය මැදින් පහළට වැටුනේය. මෙවරනම් සැබෑවටම ඇඳපල්ලේම වැටුනේය. යුරෝපයටම බලපෑ අනපේක්ෂිත කාළගුණ විපර්යාසය ඒ ජනේරුවේ පැරිසියේද ඇටමිඳුළු පසාරු කරමින් තිබුනමුත් විජිත් විසිවසකට පෙර කල්පිටි වෙරළ තීරයෙන් ස්වයං පිටුවහලට ලක්වූ දිනයේ තරමට ඉහින් කනින් දහඩිය වගුරමින් සිටියේය.…

අසම්පූර්ණ සටහන් - Incomplete Thoughts

අද නයිට් ඩියුටි. සෙනසුරාදා හින්දා ඉතින් වැඩ නෑ. අරාබියට සෙනසුරාදා කියන්නේ ලංකාවට සඳුදා වාගේ. සතියේ පළවෙනි වැඩකරන දවස. සමහරුන්ටනම් ඒක ඉරිදාත් වෙනවා. අපි වගේ අත්‍යවශ්‍ය සේවා ( හෙහ්.. හෙහ්.. සභාතොමෝ පස්ස ගාත්වලින් සිනාසෙයි. ) වල යෙදෙන කාර්යබහුල ( නැවතත් සිනා.. ) වගකිවයුතු පුද්ගලයින්ටනම් ඉතින් අද තමා…

නැවත ලිවීම

අද ජනේරුවේ විසි අටවෙනිදා. නිකමට බ්ලොග් එකේ පළවෙනි පෝස්ට් එක දැම්මේ කවදද කියලා බැලුනා. දෙදාස් දහයේ ජූනි විසි අට. අවුරුදුම හතකට හයහමාරකට කලින්. බල්ලෙක්ගෙනම් ජීවිත කාලයෙන් බාගයක්. දරු මල්ලොත් ලැබිලා. උන්ගේ දරුවොන්ටත් දරුවන්ගෙ දරුවන්ටත් දරුවෝ ලැබිලා, මී බල්ලෙක් වෙන වයසක කාලයක්. සුළුපටු කාළයක්ද. හම්මේ…

ඉතින් මේ රටේ හතරවැනි ආණ්ඩුව රට යහමගට ගන්නේ කෙසේ ද ?

පසුගිය දවසක අපේ මාධ්‍ය සඟයෙක් සමග ටිකක් දුර ගමනක් යන්න මට අවස්ථාව ලැබුණා. මෙයා මගේ හොඳ මිත්‍රයෙක් වගේ ම ලාබාල මාධ්‍ය සඟයෙක්. අපේ මාතෘකාව වුණේ මාධ්‍යය, මාධ්‍යවේදීන්ගේ ගති ස්වභාවයන් හා අපි කළ යුතු කාර්ය භාරයන්. රට හදන්න අපේ මාධ්‍යවේදීන් විශාල වැඩකොටසක් කරනවා යැයි මගේ මිත්‍රයා කිව්වා. ‘‘මොන විකාර ද…

තවුසාට වූ හදිය - පී.බී.අල්විස් පෙරේරා

දැහැනින් නැගුණු තවුසා දැක කුටිය ළඟ මගියෝ කියෙහි යුතු වෙසෙසින් යුතුව දිග සාමිනි අපට යා යුතු තව බොහොම මඟ දෙනු මැන රැයක් ඉන්නට පන්සලෙහි ලැග අතහැර මිනිස් වාසය නිදහස පැතුව මම මෙහි සිටින්නෙමි සිත සොම්නස යුතුව මට ඉඳ පුරුද්දක් නැහැ කරදර ඇතුව දෙන්නේ නවාතැන් කොහොමද ඉඩ නැතුව ගොළුවන් වගේ කරබා මුල්ලකට වෙලා…

කප්පම් ගත් තම වාර්තාකරු තමාගේ නොවේ යැයි කියා ඇඟ බේරා ගැනීමේ අපූරු මාධ්‍ය සංදර්ශනය - හෙට දිනයේ හිරු පායන්නාක් මෙන් විශ්වාසයි

////////මාධ්‍යය ගැන දැනගන්න කැමතිනම්, එය ගැන විශ්වාස කරනවානම්. මාධ්‍යයට ගරහනවානම් නැතිනම් මාධ්‍යය විවේචනය කරනවානම් මොනවා කළත් කමක් නෑ. අවසානය දක්වා කියවන්න. //////// මෙය දෛනිකව තබන මාධ්‍ය ගැන සටහනක් කර ගැනීමට අපේක්ෂිතය. එය ඇතැම් අයගේ හදවත කීරි ගැසීමටත් තවත් පිරිසක් උද්යෝගමත් කිරීමටත් හේතුවනු ඇත. මා…

போராட்டங்களும், காவல்துறையும், சித்திரவதைகளும், மனித உரிமைகளும் !

மனிதர்களை சித்திரவதைக்குள்ளாக்குவதுவும், காணாமல் போகச் செய்வதுவும், சட்டவிரோதமான முறையில் படுகொலை செய்வதுவும் ஆட்சியில் நிலைத்திருக்க அவசியமானவை எனக் கருதுவதால் ஆட்சியிலிருக்கும் எல்லா அரசுகளுமே தமது ஆட்சியை எவர் தொந்தரவின்றியும் கொண்டு செல்வதற்காக இவற்றை பிரதானமாகப் பயன்படுத்துகின்றன. தாம்…

වැස්ස - එච්.එම්.කුඩලිගම

ගැබිනියකගේ තනපුඩුවල පැහැය උරා පාවෙන වළාකුළු පවතියි, අහස පුරා මිටියාවතේ මීදුමු ගොබ දෙපළු ඉරා ඉගිලෙති කුරුළු හමුදාවෝ කැදලි කරා අහසේ වලාකුළු හා තරගයෙක යෙදී තොටියා ඔරුව ආපසු තොටුපලට පදී දියවල බිදී දෙන රාවය දෙකට බෙදී හබලේ ගැඹුරු හඩ සමග ම ගොඩට වදී පදමට වෙරළු මිණිකැට සුනු විසුළ හැඩ ජෝතිය ලැගුම් ගත් ළා…

ගම්පති වලව්ව

බිත්තිය පුරාවට බැඳිලා ඇති සෙවලයි පොතුද ගැළවිලා ඇත එහි වී අපලයි අං තට්ටුව පුරා රජයන මකුළු දැලයි හිත තුළ ඇති කරන මූසල බව සසලයි මැද මහ හිලක් ඇති කළ වේවැල් පුටුවේ ඉස්සර මතක පෙළ ඒ අතරිනි දුටුවේ කනප්පුවට බර දුන් පත්තර පිටුවේ එළියක් හෙම නොවේ මේ කිසිවක් දුටුවේ මුළු ගේ විවර කළ දොර පළු දෙක අතර තවමත් තෙත බරිත…