මම 2002 ඉඳලා ජීවත් වෙන්නේ ප්රාන්ත 7කින් හැදිලා තියෙන එක්සත් අරාබි එමීර් රාජ්යයේ, ඩුබායි සහ ෂාජා කියන ප්රාන්ත වල. මිනිස්සු මෙහේ රස්සාවල් කරන්න එන්නේ ජීවිතයේ තියෙන දහසකුත් එකක් වූ අප්රමාණ සිහින සැබෑවක්ම කරගන්න. අරාබි තෙල් සල්ලි වලින් සහ සිහින සැබෑ කරගන්න මෙහේ එන මිනිසුන් විසින් නොනවත්වා හෙලන ලද,…
මොකද පුතේ .. නින්ද යන්නෙ නැද්ද? අම්මාටත් කලිං නැඟිට කල්පනාවේ නිමග්නව උන් මා දුටු අම්මා ඇසුවේ විස්සෝපයෙනි. නින්ද යනවත් හොරයි.. අද වැඩ ගොඩාරියක් තියෙනවා කරන්නත් ඒකයි මං මේ කල්පනා කළේ.. අම්මා පසුපස ම කුස්සියට ඇදුණු මම .. මට හුරු.. හිරමණේ උඩ වාඩි උනෙමි. අම්මෙ සුජාතා නංගි .. ඉස්කෝලෙ ගමන නවත්තලා ලු..…
ක්රමයෙන් විසල් වන සර්පිලාකාර පථයෙහි කැරකි කැරකී ඉහළ යන උකුස්සා හට නොඇසේ උගේ ස්වාමියා නඟන හඬ; බිඳී විසිරී යයි සියල්ලම; පෙරමුණේ මධ්යයට තවත් දරා ඉනු නොහැක; මුළු ලෝකය පුරා පැතිර ඇත හුදු අරාජිකබව, හාත්පස ගලා රුධිරයෙන් අඳුරු වුණු වඩදිය, අහිංසකබවේ ආගම ගිලී ගොසිනිය හැමතැන; සියලු අවබෝධයෙන් තොර වෙත් සුදන…
blue table runner blue table runner Placemat Sets / Runners are sometimes preferred at the dinner table. White Hemstitched Linen Table Runner 18"X72" Bumblebee also made my "something blue," a dress label with my new monogram (in blue!) that was .We have so many sales on saro lifestyle white 6100…
Covid 19 වසංගතය ලෝකයේ පැතිරීමත් සමඟ සාමාන්ය මනුෂ්ය ජීවිතය උඩු යටිකුරු වුණා. ඇඳිරි නීතිය වැනි සමාජ දුරස්ථකරණය ක්රියාවලීන් නිසා බොහෝ දෙනෙක් නිවාසවලට කොටු වුණා. මේ සංසිද්ධි වැඩිහිටි අපිට වගේ ම කුඩා දරුවන්ටත් ශාරීරිකවත් මානසිකවත් බලපෑවා. මේ තත්ත්වය යටතේ දරුවන්ගේ ක්රියාශීලීත්වය අඩුවී ඔවුන් මහත් වීමට…
කොවිඩ් 19 නැත්නම් කොරෝනා ආයෙත් හිස එසෙව්වා. මෙලෙස කොරෝනා හිසඔසවන්නේ ජනතාවගේ නොසැලකිලිමත්කම නිසා. උදේ ඉදන් හවස්වෙනතුරු වෛද්යවරු, ජනමාධ්ය, වගකිවයුත්තො කොතරම් කියුවත් කොවිඩ් 19න් බේරෙන්නට ජනතාවගේ පැත්තෙන් නම් ලැබෙන සහයෝගය ඉතාම අල්පයි. මේ සටහන තබන්නේ කොවිඩ් පිළිබඳ දැනුවත් කරන්න නෙමෙයි. මම කලින් කියුව…
"ඔව් මහත්මයා මොකක්ද තිබෙන ගැටළුව?...ඔ..ඔව.ඔව්.. ගිණුම පරීක්ෂා කරන තෙක් මදක් රැදී සිටින්න පුලුවන්ද? බොහොම ස්තූතියි....ඩින්ටි ටිටි ටිටි .ටිටිටිට් ඩින්ටි ටිටිටි ඩෙන්කුටු කුටු කුටු... "මහත්මයා ඔබේ සේවාදායකයාගේ ගිණුමේ ශේෂය ඉතා අඩු අගයක් තියෙන්නෙ.පසුගිය අවුරුද්දටම කිසිම තැන්පත් කිරීමක් කරලා නෑ...ඉතින්…
සුදුමැලි රෝස පාටින් හා නැතිව යන නිල් පැහැවලින් කළ දියසායම් සිත්තමකිය අහස. හිරුඑළියේ දිලෙන තෙතබරිත හරිත පැහැ අතර, ජීවිතයේ නැවුම් සුවඳක් එළිමහනෙන් සොරාගෙන මගේ හද වෙත රැගෙන එන්නට සෙමෙන් ඉගිලෙයි සුළඟ. - දාරියෝ දි ජුදිචිබුස් (1960-) (පරිවර්තනය මුල් ඉතාලි කවියෙනි) Painting by Jill Harrington Nichols
සීතල කරපු කාමරේ සැප පුටුවට බර වෙලා වටේට ලයිට් හයි කරපු කන්නඩියෙන් මං බලාගෙන ඉන්නවා. දකුණු අර්ධගෝලේ තියෙන ලොකුම ශොපින් සෙන්ටර් එකේ මේ ‘සැලෝන්’ එක හැම වෙලාවෙම බිසි. අඩුම ගානේ දවස් දෙකකට කලින්වත් බුකින් එකක් දාගන්න ඕනි. ඒත් ඒක එච්චර අමාරු වැඩක් නෙවෙයි. වෙබ් එකට ගිහිං ෆ්රී වෙලාවක් හොයාගෙන බුකින් එක…