කොලඹ ඉඳන් ගෙදර යන්න බස් එකකට නැග්ගම මම නුඹ බලාන උන්නා වීදුරුවෙන් එහා හිඳ පානදුරත් පහු උනා ඈතින් අළුත් ගීයකුත් ඇහෙනවා හොරැහින් බැලුවාම වීදුරුවෙන් තාමත් නුඹ එතනම ගොම්මන මැද්දෙ වාද්දූවෙ ප්ලේන්ටියක් බොන්න බස් එක නැවැත්තුවාම ප්ලේන්ටියට තනියට විස්සක් වියදම් කරලා ගල් ඇන්දක් උඩ වාඩි උනාම මට රවාගෙන තාම නුඹ…

අබායා කළු වලාකුළ වසා ඇත මුලු නිම්නය දෙනෙත් මගෙ නැත පින් කර දකින්නට සැඟවුනු වත ඇදීඑන පැල්පත් ගඳ නැහැපුඩු හාරවා ගිය ඒ මැදින් ගලායන නිල් නදීකය ඔබමය සඳ වසා ගෙන රිය කවුළු මම නික්ම යමි අහිමිව සිත තබා එය පැල්පතේ පිල බලා යනු දිවා රෑ...

මොන වැඩේ කරන්න ගත්තත් මොකක් හරි අවුලක් පෙන්නන්නෙ... ඕන එකටයි එපා එකටයි හැම එකටම කෑ ගහන්නෙ... හොඳ නරක මට තේරෙනවා කියන්න කටක් නොතිබ්බට එනවා මෙතන සාක්කි දෙන්න... දැන් වත් වහනව කට...

"අර ගහ ගාව බංකුවෙ ඉන්නෙ..." "ඉතින්...?" "මම බලාගෙන හිටිය, හැමදාම තනියම ඔතන ... අර ළමයි සෙල්ලං කරනවා බලාගෙන ඉන්නෙ... මට මිහිහව සැකයි. මොකෙක් හරි අපචාර කාරයෙක් ද දන්නෙ නෑ." "නෑ... නෑ... මිනිහ නරක මනුස්සයෙක් නෙමෙයි." "කොහොමද එහෙම කියන්නෙ...? මට නම් මිනිහව තඹේකට විස්වාස නෑ... පේන්නෙ නැද්ද මූණෙ හැටි..."…

ඔන්න මේ ලිපිය මෙච්චර කල් දාපු අනිත් ලිපි වලට වඩා ටිකක් වෙනස් එකක්. මේකෙ මොනවද කියලා තියෙන්නේ කියලා බලන්නකො එහෙනම්. කියවද්දි ඔයගොල්ලන්ටත් සිතුවිලි පහළ වේවිනේ. අවසර පතමි සිතුවිලි කවි කරන්නට මනහර බුදු දහම ලොවටම කියන්නට මේ වෙර නිමල දම් ඔබහට බෙදන්නට ගෙනහැර පාමි ලිපි මම යන ලියන්නට නිර්මල අමා දම් රස සොයලා…

නිල් අහස තරු වියන බෝ දුරයි හිතෙනවා සිනා කැන් දඵ දාපු මතකයන් මැවෙනවා විඳින්නේ ජීවීතේ හැබෑවයි දැනෙනවා දුක සැපට ළඟ උන්නු රුවක් සිත සොයනවා තරු කැට දිලි නුවන් මට බොරු කළාදෝ සෙහෙහසින් කළ දෑ නුඹට නොපෙනුණාදෝ හිත් නැති සිතුවමක් මට හමු වුණාදෝ කවි සිතක් මෙතරම්ම නපුරු වුණාදෝ ඇත්ත ඇති සැටියෙන්ම මියදෙන්න ඉඩ…
වියපත් වෙලා..... ආදරෙන් ළඟ උන්නු , ජීවිතයම වියපත් වෙලා... ගහ කොළ මල් මේ හැම දෙයක්ම, වියපත් වෙලා.. අත් අල්ලන් නුඹත් එක්ක දොඩමළු වුනු, මං මාවත් වියපත් වෙලා... තාරුණ්්ය වියපත් වෙලා... නුඹ වෙනුවෙන් අහිමි වුන කැදැල්ලත් වියපත් වෙලා,,, කාලෙකට පස්සේ නුඹ අවිදින්..... දන්නවද ආයෙත් ඉස්සරෝම දවස් වල වගේ මට…

අඳුන් ගෑ, නෙත් පැහැය , රුව , වියැකී නො යත්දැයි? සදෑ විය ඉගි බිගි පාද්දී. නේක ස්වරයන්, සුසර වූ, රතැගිලි, රැලි වැටී. දෑත් රන් රසු සැලෙද්දී. නේක සිතියම් රැගුම් පෑ පා තඹර, වෙව්ලා, රසන්දම් නිහඩ වූ, නිමේශයේ. හුදෙකලා වූ, ඈ........... බිඳින, වීණා තත්, නරඹා සතුටු වන්නට, "දනන්" නැති රගහලේදී........
පහු ගිය දවස් වල මම ට්‍රේයිනින් කරන්න ගියා, ඒ ආයතනයේදි තමයි මේ සිද්දිය උනේ.මම හිටියේ අලුත් කර්මාන්තශාලා භූමියක,ප්‍රදේශයක විදුලි ස්තානගත කිරීම් ව්‍යාපෘතියක,එතන ඉතින් වැඩ කරන්න ගොඩාක් ලමයි හිටියා,ස්ටාෆ් එකේ අපිත් අතුලත්ව ඔක්කොම මම හිතන්නේ 40 ක් වගේ, එතන දවසකට 4 වතාවක් වගේ තේ හදනවා, මොකද උදේ 8 ඉඳන් රෑ…
තමන්ට හෝ අනුන්ට දුකක්, කරදරයක් හෝ හිංසාවක් වන වැරදි සිරිත්, දුසිරිත් බව අප තේරුම් ගත යුතුය. හොඳින් අවධානය යොමු කළහොත් අප තුල බොහෝ දුසිරිත් ඇති බව ද අපට තේරුම් ගත හැක. වෙනත් අයගේ දුසිරිත් දැකීමට වඩා තමන්ගේ දුසිරිත් ඇත්නම් ඒවා සුසිරිත් බවට හරවා ගැනීම වැදගත්ම කාරණයයි. පස් පවින් වැලකීමෙන් අපට දුසිරිත්…