Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

ඔයත් එනවද යන්න?

එයයි මායි පාරට බැස්සෙ එකට. එයාගෙ මූනෙ තිබ්බ හිනාවක්. මගේ මූනෙ තිබ්බෙ බලාපොරොත්තුවක්. අපි මග දිගට එනකං කතා කළේ එක දෙයක් ගැන. ඒ අපි දෙන්නම හොරෙන් හිනාවෙන තනි මිනිහෙක් ගැන. එයත් හිනා වුණා මං කියපු ඒවට. මාත් එයාගෙ උත්තරවලට හිනා වුණා බලාපොරොත්තුව දල්වාගන්න ඕන නිසා. අපි දෙන්නා ආවා බස් හෝල්ට් එකට. මං…

විසිටින් කාඩ්

පරණ ෆයිල් අස්පස් කරන කොට ඒ අස්සේ තිබිලා මේක හම්බුනා. මගේ පරණ විසිටින් කාඩ් එක . මේ කාඩ් එකේ තියන කිසිම දෙයක් මේ වෙනකොට නෑ. මම ඒ ෆීල්ඩ් එකෙන් සම්පූර්නෙන්ම අයින් වෙලා. මේ කොම්පැණිය වැහිලා. සමහරවිට ෆෝන් නම්බර් නම් වෙන කාට හරි දීලා තවම වැඩ කරනවා වෙන්න පුලුවන්. කාලය එක්ක වෙනස් නොවෙන්නේ මොනවද?

ඔබ ඇයගේ ලොවට

සිවිලිමේ එල්ලී කැරකෙන විදුලි පංකාවේ වේගය වෙනස් නොවේ ඔබෙ සුසුම්වලින් වෙන්ව යා යුතුයි දැන් ඔබත් මමත් ඇයගේත් ඔහුගේත් ලෝකවලට ලියා එව්වේ - Hare :-)

කවදත් නිවාස අඩස්සියේ සිටින යාත්‍රිකයාගේ කතාව

යාත්‍රිකයෙක් වීම මගේ රස්සාව නෙමෙයි. යාත්‍රිකයෙක් වීම මගේ ආසාවත් නෙමෙයි. ඒ වගේම මම කිසිම දේකට විශේෂයෙන් ආසා මිනිහෙකුත් නෙමෙයි. සමහර මිනිස්සු නිදහසට ආසයි. මට නිදහස තිබ්බත් එකයි නැතත් එකයි. සමහර මිනිස්සු සල්ලි ගොඩක් තියෙනවට ආසයි. මට ඉහ ගහල ඉන්න ගානට සල්ලි තිබ්බනං ඇති. ඔය ඔක්කොටම වඩා මං යාත්‍රිකයෙක්.…

මං එයාට ආදරෙයිද කොහෙද

කවුරුත් හිතං හිටියෙ මං ඒකිට ආදරෙයි කියල. ඔව් හැබැයි මං එයාට ආදරෙයිද කොහෙද. පිට ඉඳන් උකුසු ඇසින් බලං ඉන්න මිනිස්සුන්ට වරදින්න විදියක් තිබ්බෙ නෑ. ඉඳලා හිටලා මුණගැහෙන දවසට ආසාවෙන් එයා දිහා බලාගෙන හිටියා. කන්න ආසා ජාති අරගෙන දුන්නා. බොන්න ආසා ජාති ගෙනත් දුන්නා. ඒ සිනිඳු අත හෙමීට අතගාලා බැලුවා. මං වගේ…

අවුරුද්දක් පුරාවට අපයෝජනයට ලක්වූ දරුවා ගැන නීතිය ක‍්‍රියාත්මක නොකර, පොලීසියේ සූදානම දෙවියන්ට බාරදෙන්න.

පානදුර, හේනමුල්ල, ජීලාන් ජාතික පාසලේ පළමු වසරට ඇතු`ලවූ මොහොමඞ් ට, සතුටින් ඉස්කෝලේ යන්නට වුනේ, මාස 02 කි. පළමු වසර පංතියේ ගුරුතුමිය ඔහුට, ශාරීරිකවත්, මානසිකවත් කෙනෙහිලිකම් කරන්නට පටක් ගත්තේය. මොහොමඞ්, වෛද්‍ය ප‍්‍රතිකාර ලබන දරුවෙකි. ඒ ගැන දෙමාපියන්, විදුහල්පති, අංශ බාර, පංති බාර ගුරුවරියන් දැනුවත් කර…

අමරණීය තාත්තා

මිය ගියද උත්ථානය ලබති පියවරු දරුවන් ගැබ කතා කරති මග පෙන්වති ඕනෑ නම් කණට ගසති ලියා එව්වේ - Hare :-)

සංගීතය සහ දහදිය

ගී කියයි හිමිදිරියට පාන්දරට ඉර පායනකොට පිණි දියවී යනවිට පැයකට දෙකකට අට නමය වෙනකොට ගිණි සැරට අව්වට ගී නැත ඒ වෙලාවට දහදිය හැරුණුකොට ලියා එව්වේ - Hare :-)

TaX ටැක්ස්...

TaX ලංකා.... පඩියට... taX බිල් ටිකට.. taX taX කඩෙන් ගන්න බඩු.. taX taX taX තව ටිකක් මෙහෙම ගියොත්.... ජීවත්වෙනවටත් .. TAX..... ඉක්මනට ගොඩ යමන් ලංකා... හැමෝටම මහන්සි වෙන්න කලින්.....

යුද්ධය අත්හල රණ විරුවෝ

යුධ ගින්නෙන් මියැදෙනවුන් ගණන් දෙමින් ගෙවු අතීත මතකය යලි අවුළුවමින් නැවතත් මිය යයි වැසියන් පවුල් ලෙසින් ජීවත් වීමේ යුද්ධය දිග් ගැසෙමින් ජීවිකාව ගෙන යන්නට හැකි නැත්තේ වැටුපක් කුලියක් උපයන්නට නැත්තේ දරුවන් හඬන හඬ රැව් දෙන කන් මත්තේ ඉවසාගන්න බැරි සීමාව ඉස්මත්තේ ලියා එව්වේ - Hare :-)