Latest posts

අවුරුද්දේ දවස් 365ම ඉදෙන අපේ බ්ලොග් හත්මාළුවSyndicating 2000+ Blogs and counting

.......... වැහි බිංදු ............

.......... වැහි බිංදු ............ වාළුකා දැන් ඉතින් හිමි හිමි මුමුනන්න ගිගුම් දෙන සත්සරට සා පැටව් හැන්ගෙන්න ............. දැවුනු මහ පොලොව වැහි බින්දු තෙමනකොට ගෙන ගියා දුර ඈත පිපි සිතක අරුමැසිය............ මී පොකුරු කිටි කිටියේ ගුලි වුනා සකි සෙවනෙ බොවිටියා මල් පදුරේ මල් සැලුනා හොර…

සතුටෙන්ම හිටපු මිනිසා 2

ආදම් නැගිටලා ඔපරේෂන් කරපු තැන තුවාලෙත් අතින් තද කරගෙන හෙමිහිට අමුතු සතා වටේ රවුමක් ගියා. තොල් දෙක උඩිං දබර ඇඟිල්ල තියලා වටේ හිටපු සත්තු ටිකට සද්ද කරන්ඩ එපා කියලා සංඥා කළේ නින්ද කැඩෙන එකේ තියෙන කටුක බව ආදම් හොඳට දන්න නිසා.නිදාගෙන ඉන්න ත්‍රස්තවාදියෙක්ව උනත් ඇහැරවන එක පවු කියලා ආදම් දැනගෙන හිටියා.…

දුක් විදි කුමරියක්?

ඉපදුන දා පටන් අපලයක් කියනවා මරා දමපිය ඈ මේ හැම නසනවා අනාවැකි නැකත්කරුවන් කියනවා වෙනම පෙදෙසක ඈ තනිව හැදෙනවා යක්ඛ ලේ ඇති නෑ පිරිස මග හරිනවා කුලවතියක් නිසා දැසි දස්සො ලබනවා කපු කටින්නට හොද හැටි දැන ගන්නවා මුහුද අසබඩ තම්මැන්නාවේ දිවි ගෙවනවා රජ කුලේ යුවලක විවාපත් වෙන දිනයක්‍ ය රටෙ හැම දෙනා හට ඒ මගුල්…

සතුටෙන්ම හිටපු මිනිසා

ආදම් හිටියේ තනියම. අම්මා තාත්තා කවුද කියන්ඩ ආදම් දැනං හිටියේ නෑ. ඒ ගැන අහන්ඩ කවුරුත් හිටියෙත් නෑ. ආදම්ගේ උප්පැන්න සහතිකේ ඉස්කෝලෙට දාන වෙලාවෙවත් ඕනේ උනේ නැත්තේ ආදම් ඉස්කෝලෙ ගියේ නැති හින්දා. කොටිම්ම ආදම්ට ළමා කාලයක් තිබ්බේ නෑ. එහෙමයි කියලා කවුරුත් ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිළි කළේ නෑ. ආදම්ට ඒක ගැන…

කාක් දඩයම...

https://www.bigstockphoto.com/image-206592361 මගේ පරණ බ්ලොග් පෝස්ට් කියවලා තියෙන අයට මතක ඇති මං මේ කියන නැන්දව. අපේ ඔය නැන්දා ඉන්නව නේද? ඔහොම හිටියට හරි මොළකාරි. ඒ මොළෙන් හරි හමන් පොරෝජනයක් ගන්න අවස්ථාවක් ලැබුනෙ කලාතුරකින් වීමයි වස වැරැද්ද වුනේ. ඒකට හේතුව උනේ අපි. මොකක් හරි උනාම එයා ගියර් එක මාරු…

වමෙන් එළවීම සහ ප්ලාස්ටික් බෝතල්

අටං අයියා පහුගිය දොහේ මං කොටපු නාඩියකට “ මා නොදකින විසිතුරු ගැන මට පවසනවද ඔයා ............ කියලා කියවනවා මමනං ” කියලා කොමෙන්ට් එකක් දාලා තිබ්බා. ගියපු කරපු තැන් ගැන මොනවා හරි කොටනවා කියලා ඒ නිසා හිතුවා. පහුගිය දොහේ මං ට්‍රම්ප්පච්චීගේ දේශයට ගැච්චුවා පොඩි වැඩ වගේකට. ගියේ ඇමරිකා එක්සත් ජනපදේ වොශින්ටන්…

වධක භූමි

පැත්තකට හිස නැමුනු - නිල්පාට කුරුසයේ අදත් උං කවුද ගැටගහලා දුර උනත් පැහැදිලිව - දැකගන්න හැකි වෙන්න අත්වලට පුංචි ඇස් දීලා චෝදනා ලියවිල්ල- බෙල්ල මුල එල්ලලා ඉස් මුදුනෙ කටු ඔටුනු දාලා නිදහසට කාරණා තියෙනවා ඇති,ඒත් කොයි කවුද විමසන්නෙ හාරා කිසිම වරදක් නොකල - කෙනෙක් පළමුව ගසනු! කවුද කිවා ,ගොදුර පාලා ගල්…

අපි නොදන්න පරසතු මල................

බෝල බෝල පාට පබලු එක නුලක බැද ඇති ලෙස සිතුම් පැතුම් දුක දොම්නස සමව විදින දේ මනුලොව................... අනග සරින් එක බැල්මෙන් ඇති වන බව සිතනා දෙය ඇලට දොලට ගහට මලට පවා දැනෙන මෙ අමුතුම සත්සර හඩ................ කිරි සයුරින් එහා එපිට අහස් කුසේ ඈත තරුව පවා දන්න අපි නොදන්න සුවද හමන පරසතු මල.................…

පිලිකාවට තරබාරු බවත් හේතුවක්.....

ලොව පුරා වාර්තා වන පිළිකා වලින් 4%කටම හේතුව වන්නේ අධික තරබාරු බව සොයාගෙන තිබෙනවා. ඒ කියන්නේ පිළිකා රෝගීන් 20කින් එක් අයෙක්ම පිළිකා රෝගයට ගොදුරු වී තිබෙන්නේ අධික තරබාරුව නිසායි. පියයුරු, ආමාශය, ගලනාලය, ගර්භාෂය පිත්තාශය, වකුගඩු, අක්මාව, ඩිම්බකෝෂය, අග්න්‍යාශය, තයිරොයිඩ් ග්‍රන්ථිය, මොලය, සහ රුධිරය…